What's happening lately @ Sputnik

Latest NEWS and Articles about what’s going on at
Sputnik International

Sputnik Japanese Proficiency Test (SJPT)
ස්පුට්නික් ජපන් භාෂා ප්‍රවීනතා විභාගය

(202406131113 #058-0006-163)

#058-0006-163

Sputnik Japanese Proficiency Test (SJPT)
ස්පුට්නික් ජපන් භාෂා ප්‍රවීනතා විභාගය

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ (TVEC) ලියාපදිංචි ස්පුට්නික් ජපන් සරසවිය විසින් සෑම වසරකම තුන් වරක් Sputnik Japanese Proficiency Test (SJPT) විභාගය පවත්වනු ලැබේ. මෙවර විභාගය 2024/6/30 ඉරු දින පැවැත්වේ.

S-5, S-4, S-3, S-2, S-1 වශයෙන් පියවර 5ක් යටතේ මෙම විභාගය පවත්වනු ලැබේ. විභාගයෙන් සමත් වන සිසුන් සඳහා TVEC අනුමත රජය පිළිගත් සහතිකයක් පිරිනමනු ලැබේ.

JLPT සහ NAT විභාග වල ප්‍රමිතීන්ට අනුකූල වන සේ මෙම SJPT විභාගයේ ප්‍රශ්න පත්‍ර සැලසුම් කර ඇත. ජපන් භාෂාව ඉගෙන ගන්නා සිසුන්ට මෙම SJPT විභාගයන්ට මුහුණ දීමෙන් තම භාෂා ප්‍රවීණතාවය මැන ගැනීමට සහ ප්‍රර්දර්ශනය කිරීමට මහඟු අවස්ථාවක් සැලසෙන අතර JLPT හා NAT විභාග සඳහා මනා පෙරහුරුවක් ලැබේ.

ස්පුට්නික් සිසුන් පළමු වර පෙනී සිටීමේදී විභාග ගාස්තු අය නොකරන අතර, දෙවන වර පෙනී සිටීමේදී රු.2000/= ක මුදලක් අය කෙරේ.
බාහිර අයදුම්කරුවන් සදහා විභාග ගාස්තුව රු.2500/= කි.
පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ගාස්තුව රු.1,500/= කි.

විභාගය පැවැත්වෙන ස්ථානය:-
ස්පුට්නික් ජපන් සරසවිය,
මීගමුව පාර,
ගෙපල්ලව,
උහුමිය,
කුරුණෑගල.

විභාගය පැවැත්වෙන දිනය:- 2024/06/30
වේලාව :- පෙරවරු : 9.00 - 12.00 දක්වා
(විභාගයට අසුන් ගැනීම : පෙරවරු 8.00 - 8.50)

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය :- 2024/06/25

වැඩි විස්තර දැනගැනීම සඳහා, විභාග සම්බන්ධීකරන නිලධාරිනී ශ්‍යාමලී මහත්මිය අමතන්න

📞0715 240 240
📞0372 226 933

Facebook - www.facebook.com/sputnikisl
Twitter - www.twitter.com/center_sputnik
Instagram - www.instagram.com/sputnik_international_srilanka/
Threads - www.threads.net/@sputnik_international_srilanka
YouTube - www.youtube.com/@sputnikjapanesecampus8670

#SputnikInternational #Sputnik #Japan #Japanese #JapaneseCulture #SJPT

@manojmalaka

Hi there..!
Or..
And,
Japan(ese)?

Checkout the link below.

Sputnik International Education Centre

Social

AI Website Generator