(202310221230 #058-0006-105)
The Sri Lanka finals of the 13th KAKE Challenge Cup International Japanese Speaking Tournament was successfully held on September 28 through Zoom technology. The speech competition, which was held under the auspices of the Sri Lankan Japanese Embassy with the financial support of KAKE University, was organized and conducted by the Sputnik Japanese University in Kurunegala. The title of this year's competition was、”最 先 端 技 術はどのように 使われるべきか? (modern technology - how should it be used?)'' to go More than 100 students representing various schools across the country participated in this tournament. Among the 12 students who participated in the final, the KAKE Challenge Cup was won by Moksha Devmini, a student of Gampaha Rathnawali Girls' College. Rathsara Wickramasinghe, a student of Mahamaya Balika Vidyalaya, Kandy, won the runner-up title, and Tisagi Rajapaksa, a student of Visakha Vidyalaya, Colombo, won the third place. Warm congratulations from Sputnik Japan University to the students who won this competition!!!
ස්පූට්නික් ජපන් සරසවිය මෙහෙයවූ 13 වන කකේ අභියෝගතා කුසලාන ජපන් භාෂා කථික තරගාවලියේ ජය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෝක්ෂා දෙව්මිණි ශිෂ්‍යාවට..!
13 වන කකේ අභියෝගතා කුසලාන අන්තර්ජාතික ජපන් භාෂා කථික තරගාවලියේ ශ්‍රී ලංකා අවසන් මහා තරගය සැප්තැම්බර් 28 වෙනි දින Zoom තාක්ෂණය ඔස්සේ සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ අනුශාසකත්වය යටතේ කකේ විශ්ව විද්‍යාලයේ මූල්‍යමය අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ මෙම කථික තරගය සංවිධානය කර මෙහෙයවනු ලැබුවේ කුරුණැගල පිහිටි ස්පූට්නික් ජපන් සරසවිය විසිනි. මෙවර තරගයේ මාතෘකාව වූයේ, 「最 先 端 技 術はどのように 使われるべきか」“නවීන තාක්ෂණය - භාවිතා කළ යුත්තේ කෙසේද?” යන්නයි. රට පුරා විවිධ පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් 100 කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී විය. අවසන් මහා තරගය සඳහා සහභාගී වූ සිසු සිසුවියන් 12 දෙනා අතුරින් කකේ අභියෝගතා කුසලානය ජයග්‍රහනය කරන ලද්දේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ මෝක්ෂා දෙව්මිණි ශිෂ්‍යාවයි. අනු ශූරතාව හිමි කර ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ රත්සරා වික්‍රමසිංහ ශිෂ්‍යයාව සමත් වූ අතර, තෙවන ස්ථානයට හිමිකම් කියන්නට කොළඹ විශාඛා විද්‍යාලයේ තිසඟි රාජපක්ෂ ශිෂ්‍යාව සමත් විය. මෙම තරගයෙන් ජයග්‍රහණය කළ සිසුවියන්ට ස්පුට්නික් ජපන් සරසවියේ උණුසුම් සුබ පැතුම්!!!
YouTube - https://www.youtube.com/watch?v=mwDJyd_TUDM
@manojmalaka
HTML Website Creator